Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Sunday, May 6, 2012

ජූලි 9 වෙනිදා පරිගණක වලට මොකද වෙන්නේ?????

10 comments




මේක ගොඩක් වටිනවා කියල හිතෙනවා යාලුවෝ හැමෝටම.....මමත් හොයා ගත්තේ අන්තර්ජාලයෙන් තමා....
 මුලින්ම දැක්කේ පත්තරෙන්....
:D . 
කියවලම බලන්න.... 
යාලු ෆිට් යන ගමන් එහා පැත්තේ Fanpage එකට Like එකක් දාලා අදහස් කියල යන්න අමතක කරන්න එපා.....වටිනවා කියල හිතෙනවනම් Blog එකට Join වෙලා ගියත් වරදක් නෑ.... 





ජූලි 9 වෙනිදා...



මෙම වසරේ ජුලි 09 වැනිදා ලොව පුරා පරිගණක භාවිත කරන්නන් දහස්‌ ගණනකගේ අන්තර්ජාල සබඳතාව හදිසියේ ක්‍රියාවිරහිත වන බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත පවසයි.
දැනටමත් ලොව පුරා භාවිත වන පුද්ගලික පරිගණක තුන්ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ පියවි ඇසට දිස්‌ නොවන මෙන්ම හඳුනාගත නොහැකි “DNS Changer” නමැති ට්‍රෝජන් වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. ඇමරිකා එක්‌සත් ජනපද ඩරල් පරීක්‍ෂණ කාර්යාංශය (FBI) විසින් මෙම ආසාදිත පරිගණකවලට නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා සකස්‌ කර දී තිබූ විකල්ප තාවකාලික පරිගණක පාලක පද්ධතීන් (ස්‌වර්ස්‌) ජුලි 09 වැනිදා සිට වසා දැමීමට තීරණය වීම මෙම අන්තර්ජාල සබඳතාව ක්‍රියා විරහිත වීමට හේතුවී තිබේ.
මෙහිදී අන්තර්ජාල සබඳතාවය ක්‍රියාවිරහිත වීම සිදු වනුයේ ඉහත කී වයිරසයෙන් ආසාදිත පරිගණක වලය.
ආසාධිත පුද්ගලික පරිගණක සඳහා සකස්‌ කරදී තිබූ විකල්ප පරිගණක පාලක පද්ධතීන් නඩත්තු කිරීම සඳහා අති විශාල වියදමක්‌ දැරීමට සිදුවීම මත ෆෙඩරල් පරීක්‍ෂණ කාර්යාංශය එම පද්ධතීන් වසා දැමීමට තීරණය කර ඇත.
දැනට “ට්‍රෝජන්” වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදනය වී ඇති පුද්ගලික පරිගණක තුන්ලක්‍ෂ පනස්‌ දහසක ප්‍රමාණයෙන් 80,000 ක්‌ ම ඇමරිකා එක්‌සත් ජනපදයේ භාවිත වන ඒවා වන අතර 20,000 ක්‌ එක්‌සත් රාජධානියේ භාවිත වේ.
මෙම පරිගණකවලට ඇතුළු වී ඇති වයිරසය පරිගණකයේ සැකසුම් වෙනස්‌ කරන අතර අනතුරුව අන්තර්ජාලය ක්‍රියාත්මක කරවීමේදී පරිගණකය භාවිත කරනු ලබන්නාව ව්‍යාජ හා නීති විරෝධී වෙබ් අඩවිවලට පිවිසීමට යොමු කරවන බව අනාවරණය වී තිබේ. බොහෝ පරිගණක හිමියන් මෙම වයිරසය තම පරිගණකවලට ඇතුළු වී ඇත්දැයි දැන නොසිටීම මෙහි ඇති තවත් අවාසිසහගත තත්ත්වයක්‌ වී තිබේ.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් පසුගියදා ඇමරිකා එක්‌සත් ජනපද ෆෙඩරල් පරීක්‍ෂණ කාර්යාංශය නිවේදනය කරන ලද්දේ ලොව පුරා වෙසෙන පුද්ගලික පරිගණක අයිතිකරුවන් තම පරිගණකය වයිරසයෙන් ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා ඒ සඳහා පිහිටුවා ඇති http://www.dcwg.org නමැති වෙබ් අඩවියට පිවිසෙන ලෙසටයි. එහිදී තම පරිගණකය වයිරසයෙන් ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් වයිරසය පරිගණකයෙන් ඉවත්කර ගැනීමට අවශ්‍ය උපදෙස්‌ ද මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකි වීම විශේෂත්වයකි.
මෙම නිවේදනය නිකුත් වීමත් සමගම තම පරිගණකය වයිරසයෙන් ආසාදිතව ඇත්දැයි දැන ගැනීම සඳහා අදාළ වෙබ් අඩවියට ලොව පුරා පිහිටි රටවලින් පිවිසෙන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති අතර මේ නිසාම සඳුදා දිනයෙහි බොහෝ දෙනකුට එම අඩවිය වෙත පිවිසීම අසීරු වී ඇතැයි වාර්තා වේ.
ඇමරිකා එක්‌සත් ජනපද ෆෙඩරල් පරීක්‍ෂණ කාර්යාංශය විසින් හඳුනාගෙන ඇති ආසාදිත පරිගණක තුන්ලක්‍ෂ පනස්‌දහස සඳහා සකස්‌ කර ඇති තාවකාලික පරිගණක පාලක පද්ධති වසා දැමීමෙන් පසු එම පරිගණකවලට නැවත අන්තර්ජාලයට පිවිසීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිරේ.
මේ අනුව “ට්‍රෝජන්” වර්ගයේ පරිගණක වයිරසයෙන් ආසාදිත බවට හඳුනාගෙන ඇති හා මෙතෙක්‌ ඒ බව හඳුනාගෙන නොමැති පුද්ගලික පරිගණකවල අයිතිකරුවන්ට තම පරිගණකය වයිරසයෙන් ආසාධිත වී ඇත්නම් එම වයිරසය ඉවත් කර ගැනීමට ජුලි 09 වැනිදා දක්‌වා කාලය ලැබී තිබේ. එම කාලය ඇතුළතදී ක්‍රියාත්මක නොවුව හොත් ඔවුනට සිදු වනුයේ තම අන්තර්ජාල සබඳතාව සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කර ගැනීමටය.
පරිගණකවලට හිසරදයක්‌ව පවතින මෙම පරිගණක වයිරසය පිළිබඳව අදහස්‌ දක්‌වන බටහිර පරිගණක විශේෂඥයන් පෙන්වා දෙනුයේ එස්‌ටෝනියාවේ සිට මුලින් ක්‍රියාත්මක වූ මෙම වයිරසය ඉතා බලසම්පන්න එකක්‌ බවයි.
ඇමරිකා එක්‌සත් ජනපද ෆෙඩරල් පරීක්‍ෂණ ආයතනය විසින් පරිගණක වයිරසයෙන් ආසාධිත වූ පරිගණකවලට සකස්‌ කර දී තිබූ තාවකාලික පරිගණක පාලක පද්ධතීන් වසා දැමීමෙන් පරිගණක සමාගම්වලට මෙම වයිරසය තම ආසාදිත පරිගණක පාලන පද්ධතීන් තුළින් ඉවත් කර ගැනීමට අවස්‌ථාව සැලසෙන බව ඇතැම් විශේෂඥයෝ පවසති.
එහෙත් මෙහිදී පරිගණක වයිරසයෙන් වැඩි වශයෙන් ආසාදනය වී ඇත්තේ පුද්ගලික පරිගණක වීම නිසා මෙහිදී එම වයිරසය ඉවත්කර ගැනීම වැඩි වශයෙන් ර¹ පවතිනුයේ සමාගම් අත නොව පුද්ගලික පරිගණකවල අයිතිකරුවන් අත බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.
මේ වන විට Dns changer Working Group නමැති කණ්‌ඩායමද මෙම පරිගණක වයිරස්‌ ආසාදනය ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මෙම පරිගණක වයිරසය පිළිබඳව ඉකුත් බ්‍රහස්‌පතින්දා (26 දා) පරිගණක භාවිත කරන්නන්ට අනතුරු අඟවා තිබිණි.

මොනවා උනත් හැමෝම පරිස්සම් වෙන්න කියල තමා කියන්න
 තියෙන්නේ....



10 comments:

  1. අනේ කෝ loops ටික......

    ReplyDelete
  2. අනේ loops ටික දෙන්නකෝ........

    ReplyDelete
  3. loops denno........

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. @Anonymous ; අදාල පෝස්ට් එකට Comment කරන්න...මෝඩයෙක් වෙන්න එපා.... එක පාරක් කියුවාම මට තේරෙනවා.... දාන්නම් කියුවනේ.....

    ReplyDelete
  7. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  8. DJ Loops ටිකක් දාන්න.......

    ReplyDelete
  9. DJ Loops ටිකක් දාන්න.......

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..