Pages

Announcement...!!!

blog එක කරන්න වෙලාවක් නෑ මචංලා , Any Help - 071 910 22 06 or 077 888 21 61
 

Tuesday, July 19, 2011

Laptop බැටරිය බාවිතා කරන නිවැරදි ක්‍රමය ඔබ දන්නවාද?

11 comments
Laptop බැටරිය බාවිතා කරන නිවැරදි ක්‍රමය කුමක්ද?


දැනට බොහෝ දෙනා laptop බාවිතා කරන අතර , මෙය නිවැරදිව ආරූපනය නොකිරීම නිසා බැටරිය ඉතා ඉක්මනින් විනාශකාරී වේ...

1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?
2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?
3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
4. සන්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?
5.බැටරිය ගලවලා කෙලින්ම කරන්ට් එකට ගහලා පාවිච්චි කරාට කමක් නැද්ද?


මෙන්න මේවා තමයි අපේ කස්ටියට තියන ගැටලු
මේවා ගැන ගොඩක් දුර්මතත් තියනවා
අපි බලමු මේගැන ඇත්ත මොකක්ද කියලා?

මෙන්න theory part 1ක


  • 1. තාපය 
 උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ 

කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා -අව්වේ ඇති වාහනයක් තුල.) නොතබන්න. (හැකිනම් වැඩ කරන විටදී cooling pad 1k පාවිච්චි කරන්න)
 උශ්නත්වය වැඩි වූ විටදී බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ.
 වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප්‍රයෝජනවත්ය.
 ඇඳන් උඩ තබා යන්ත්‍රයේ තාපය ඉවත් කිරීමේ ක්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය.
 තවත් උපක්‍රමයක් නම් ඔබගේ යන්ත්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි. (සමහර යන්ත්‍ර මෙසේ භාවිතා කළ නොහැක. )
 මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි.


  • 2. විසර්ජනය- 

බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය අඩුවේ.
 එහෙත් එය සම්පූර්ණයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප්‍රතිශතය ඉතා වැඩිය .
 උදා - 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ
 මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය .
 පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය.
 සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය.
 මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20-30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක්‍රීයව යන්ත්‍රය shut down වන තෙක්) නැවත ආරෝපණය කර ගන්න.
 මේ ක්‍රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්‍ය නම් එය මාස 2-3 කට වරක් කරන්න.
 අමතරව ලැප්ටොප් යන්ත්‍රයේ power management software එක භාවිතයට ගන්න.


  • 3. ගබඩා කිරීම -
 දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න.
 මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත)


ඔන්න ඔහොමයි සුද්දො නම් කියලා තියෙන්නෙ

දැන් පුරස්න වලට උත්තර ලැබෙන්න ඇති නෙද?

  
 1. බැටරියක් ආරෝපණය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද?  +  2. බැටරියක් දල වශයෙන් කොපමන වාර ගණනක ආරෝපණය කල හැකිද?----

ans.   full  discharge වීමට පෙර charge කරන්න 
(00% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ)

දැන් බාවිතා වන ලිතියම්-අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත
ඒක නිසා බක පන්ඩිතයන් කියන ඒවා අහන්න එපා 

3. දිනකට කීපවතාවක් ආරෝපණය කල හැකිද?
කැමති ගානක් charge කොර ගන්න

4.සම්පුර්ණ ආරෝපණය වූ බැටරිය , විදුලියට සන්බන්ද කර පාවිච්චි කිරීම වරදක්ද?

ඔව් හේතු කීපයක් තියනවා
අ)බැටරිය රත් වෙන එක
ආ) මෙහෙම උනාම charge සහ discharge 2කම එකපාර වෙන නිසා හොද නැතිලු

ඇ)නිකන් වැඩිපුර කරන්ට් නාස්ති වෙනවා
ඉ)charger 1ke ආයු කාලය අඩු වෙනවා 
ඒවිතරක් නෙවි සමහර hp දෙයියොන්ගෙ battery sensers (පවා) පිච්චෙනවා

එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු...
 Mobile Stuff

11 comments:

  1. Tnx oyaata. meekanam godak wadageth.

    ReplyDelete
  2. very very thankzzzz wewaa.....:)

    ReplyDelete
  3. ස්තුතියි මචෝ.... බැටරි චාජ් කරන හැටි හොයලා හොයලා තමා බ්ලොග් එක හොයාගත්තේ, වෙන කිසිම තැනක නෑ මේ වගේ පැහැදිලි කරපු විස්තරයක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. අලුත් යමක් එකතු කරන්න කැමතියි. තමන්ගේ ලැප්ටොප් එක ගැන හොයල දැන ගන්න. මේ මගේ එක ගැන.. අලුත් HP ලැප් දැන් 98% charge උනාට පස්සේ බැටරිය චාජ් කරන එක නවත්වනවා... ඊට පස්සේ ලැප දුවන්නේ තනිකර Direct කරන්ට් වලින්... මේ හේතුව නිසා ලැප හැකි හැම වෙලේකම කරන්ට් වලින් දුවන එක වඩා Safe :)

    ReplyDelete
  5. Godak watina dewal tikak danagaththa. Thank u so much bro!!!

    ReplyDelete
  6. Ela ela.....!
    Thanx.

    ReplyDelete
  7. නියමයි මචං

    ReplyDelete
  8. මම ගුලියා කියපු කතාවටඑකගයි.
    දැන් ගොඩක් එන laptop වල බැටරිය charge වීම සම්පූර්න අනාට පස්සෙ direct power වලින් වැඩ කරනව. එම නිසා තමන්ගේ පරිගණකයට ගැලපෙන ක්‍රමය මොකද්ද කියල හොයල බලලම දැනගන්න එක හොදයි..

    ReplyDelete

මෙම ලිපිය ගැන ඔයාලට හිතෙන කැමති දෙයක් කියන්න..